2026 වසරේ පළමු කාර් තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාවට අනුව, ලබන වසරේ මුල් මාස තුන ඇතුළත සමස්ත විදුලි ගාස්තුව 11.57%කින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ සම්බන්ධ නිල යෝජනාව 2025 දෙසැම්බර් 24 දින PUCSL වෙත භාර දී ඇති බවත්, එය සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් වාර් තා වෙයි.
විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන අනුව, 2026 පළමු කාර් තුව සඳහා අපේක්ෂිත මුළු පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබිය හැකි ආදායම රුපියල් මිලියන 113,161ක් පමණක් වේ.
ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින්, මෙම ගාස්තු වැඩි කිරීම අත්‍යවශ්‍ය බව විදුලිබල මණ්ඩලය අවධාරණය කර ඇත.
