වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්ගම–මතුගම ප්‍රධාන මාර්ගයේ, 5 කණුව ප්‍රදේශයේදී ඊයේ (25) සවස සිදුවූ බරපතල රථ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.
දැරිය සිය මව හා පියා සමඟ යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන් කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක් සමඟ ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබූ දැරිය සහ ඇගේ මව හා පියා දර්ගා නගර රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ දෙමාපියන්ට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඔවුන් නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙම අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.