2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දැඩි සුනාමි ව්‍යසනයක් ඇතිවිය. එම ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 35,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, සම්මත වශයෙන් 5,000කට අධික පිරිසක් අතුරුදන්විය. දේපළ, නිවාස සහ ජීවනෝපාය රැසක්ද මෙම ව්‍යසනයෙන් විනාශයට පත් විය.
සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇත.
ඒ අනුව, මෙවරද ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8.30 සිට පෙරවරු 11.00 දක්වා ගාල්ල – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක්ද සංවිධානය කර ඇත.
එසේම, සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ජනතාව ඒ සඳහා සහභාගී වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
මේ අතර, පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුව විනාශයට පත් වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා, මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6.30ට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙම දිනය අප සැමට ව්‍යසන සඳහා සූදානම් වීමේ සහ ජීවිත සුරක්ෂිත කිරීමේ වැදගත්කම නැවත මතක් කර දෙන දිනයක් ලෙස සැලකේ.