පැරෑලිය ප්රදේශයේ සුනාමි රළ හේතුවෙන් අනතුරට ලක්වූ “සුනාමි දුම්රිය” එන්ජිම අද (26) උදෑසන සංකේතාත්මකව ධාවනය නොකෙරුණු බව වාර් තා වේ.
කෙසේ වෙතත්, එම අනතුර සිහි කරමින් වෙනත් එන්ජිමක් යොදා ගනිමින් සුනාමි දුම්රිය මාතර දෙසට ධාවනය කරවීමට පියවර ගෙන ඇත.
අනතුරට ලක්වූ එන්ජිම වසර කිහිපයක් අඛණ්ඩව ධාවනය කර ඇති අතර, මේ වතාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උදෑසන ධාවනය සිදු කළ නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද ධාවනය නොකිරීමට හේතු වූයේ එම එන්ජිමේ ඇක්සලයේ ඇති දෝෂයක් නිසා වන අතර, එම අවස්ථාවෙහිදී වෙනත් එන්ජිමක් භාවිතා කිරීමෙන් මෙවර සිහිගැනීමේ උත්සවය ආරම්භ කිරීමට හැකියාව සලසා ඇත.
