මිරිස්ස මුහුදේ දියේ ගිලීමෙන් වලාන ප්‍රදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට

මිරිස්ස මුහුදේ ඊයේ (25) පස්වරුවේදී වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම වෛද්‍යවරයා වයස අවුරුදු 49ක් වන අතර, එම රෝහලේ රාජකාරී ආරම්භ කළේ මීට මසකට පමණ පෙර බවට වාර් තා වෙයි.

සිද්ධියෙන් පසු, ප්‍රදේශවාසීන් වෛද්‍යවරයා බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එහිදී ඔහු මියගොස් ඇති බව වාර් තා වේ.


මිරිස්ස මුහුදේ දියේ ගිලීමෙන් වලාන ප්‍රදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට

Previous Post Next Post