වී තොග නිකුත් කිරීමේ නව වැඩපිළිවෙලක් – වී අලෙවි මණ්ඩල සභාපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

පසුගිය කන්නයේදී රජය විසින් එකතු කරගත් වී තොග සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම වී තොග ලංකා සතොස වෙළෙඳ ජාලය මෙන්ම නම් කරන ලද වෙනත් වෙළෙඳ ජාල වෙත නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය.

වී තොග නිකුත් කිරීමේ නව වැඩපිළිවෙලක් – වී අලෙවි මණ්ඩල සභාපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මෙය මෙතෙක් භාවිතා නොකළ නව ක්‍රමවේදයක් බවත්, මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විශේෂත්වය වන්නේ, මෙම වැඩපිළිවෙලට ලියාපදිංචි වී මෝල් හිමියන්ටද සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබීමයි. ඒ අනුව, මෙම ක්‍රමය යටතේ ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් නාඩු සහල් පමණක් මිලදී ගනු ලබන බව ඔහු සඳහන් කළේය.

එලෙස ලබාගන්නා නාඩු සහල් රුපියල් 125ක නිර් දේශිත මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩපිළිවෙලට අදාළ අයදුම්පත්‍ර ප්‍රාදේශීය කාර් යාලවලින්, ලංකා සතොස ප්‍රධාන කාර් යාලයෙන් සහ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර් යාලයෙන් ලබාගත හැකි බවද සඳහන් වේ.

ලියාපදිංචි වී මෝල් හිමියන්ට අයදුම් කිරීමට අවසන් දිනය ලෙස එළඹෙන ජනවාරි 05 වැනිදා නියම කර ඇත.



Previous Post Next Post