Gmail භාවිතාකරුවන්ට ලැබෙන අලුත්ම පහසුකමක් – පරිශීලක නාමය වෙනස් කිරීමට ඉදිරියේදී අවස්ථාව

දැනට භාවිතා කරන Gmail විද්‍යුත් තැපැල් ලිපිනයේ පරිශීලක නාමය වෙනස් කරගැනීමට නොහැකි වීම, වසර ගණනාවක් පුරා පරිශීලකයින් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් විය.

එම ගැටලුවට විසඳුමක් ලෙස Google සමාගම නව පහසුකමක් හඳුන්වා දීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

Gmail භාවිතාකරුවන්ට ලැබෙන අලුත්ම පහසුකමක් – පරිශීලක නාමය වෙනස් කිරීමට ඉදිරියේදී අවස්ථාව

මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වූ පසු, පරිශීලකයින්ට නව Gmail ගිණුමක් නිර්මාණය කිරීමකින් තොරව, පවත්නා ගිණුමේ දත්ත හා email පණිවිඩ සුරක්ෂිතව තබාගෙන, පරිශීලක නාමය වෙනස් කරගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව, වත්මන් @gmail.com ලිපිනය නව @gmail.com ලිපිනයකින් ප්‍රතිස්ථාපනය කළ හැකි අතර, මෙම පහසුකම සාමාන්‍ය Gmail ගිණුම් සඳහා පමණක් සීමා වන බව සඳහන්ය (@gmail.com ලෙස අවසන්වන).

කාර්‍යාල, පාසල් හෝ custom domain email ලිපිනයන් සඳහා මෙම පහසුකම අදාළ නොවන බව Google පෙන්වා දෙයි.

එමෙන්ම, නව ක්‍රමයේ අනිසි භාවිතය වැළැක්වීම සඳහා, එක් Gmail පරිශීලක නාමයක් වෙනස් කිරීමෙන් පසු නැවත වෙනස් කිරීමට අවස්ථාව ලැබෙන්නේ මාස 12කට පසුව පමණක් බවද වාර් තා වේ.

Previous Post Next Post