මීරිගම–පල්ලේවෙල අතර දුම්රිය පිලී පැනීමක් – ප්‍රධාන දුම්රිය මාර් ගයේ ධාවනයට බාධා

ප්‍රධාන දුම්රිය මාර් ගයේ දුම්රිය ධාවනයට තාවකාලික බාධා ඇතිව තිබෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කරයි.

මීරිගම සහ පල්ලේවෙල අතර ප්‍රදේශයේදී දුම්රියක් පිලී පැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන් වේ.

මීරිගම–පල්ලේවෙල අතර දුම්රිය පිලී පැනීමක් – ප්‍රධාන මාර් ගයේ ධාවනයට බාධා

මීරිගම සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක්, මීරිගම දුම්රිය ස්ථානයට ආසන්නයේදී මෙම අනතුරට ලක්ව ඇති බව දුම්රිය බලධාරීන් පවසයි.

මෙම සිදුවීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර් ගයේ ධාවනය වන දුම්රිය කිහිපයකට සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවත්, අවශ්‍ය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Previous Post Next Post