ලෝක වාර් තා බිඳ දමමින් චීනයේ Urumqi–Yuli අධිවේගී මාර් ගය ජනතා අයිතියට

වසර පහකට අධික කාලයක් පුරා සිදුකළ ඉදිකිරීම් අවසන් කරමින්, චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 ලෙස හඳුන්වන Urumqi–Yuli අධිවේගී මාර් ගය අද (26) නිල වශයෙන් විවෘත කර ඇත.

ලෝක වාර් තා බිඳ දමමින් චීනයේ Urumqi–Yuli අධිවේගී මාර් ගය ජනතා අයිතියට


මෙම අධිවේගී මාර් ගය කිලෝමීටර 324.7ක දිගකින් යුක්ත වන අතර, ද්වි-මාර් ග මංතීරු හතරකින් සමන්විත නවීන අධිවේගී මාර් ග ප්‍රමිතියට අනුව ඉදිකර තිබේ.

Urumqi–Yuli ප්‍රධාන මාර්ගය ගුවන් පාලම් 12ක්, උමග 17ක් සහ පාලම් හා බෝක්කු සිය ගණනක් ඇතුලත් කර තිබේ.

ඒ අතරින්, මෙම ව්‍යාපෘතියට අයත් “Tianshan–Shengli” උමග ලොව දිගම අධිවේගී මාර් ග උමගය ලෙසත්, ලොව ගැඹුරුම අධිවේගී මාර් ග පතුල ලෙසත් ලෝක වාර් තා දෙකක් පිහිටුවීමට සමත් වී ඇත.

මෙම අධිවේගී මාර් ගය ජනතා භාවිතයට විවෘත කිරීමෙන් පසු, Urumqi සිට Korla දක්වා ගමන් කාලය පැය 7කින් පැය 3.5ක් දක්වා අඩු වන බව වාර් තා වේ. මෙය ප්‍රදේශයේ ආර් තික, සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රවලට විශාල ප්‍රයෝජනයක් වනු ඇත. 

Previous Post Next Post