නත්තල් දිනයේ අධිවේගී මාර් ග වලින් රු. මිලියන 54ක ආදායමක්

නත්තල් දිනයට සමගාමීව අධිවේගී මාර් ග භාවිතය ඉහළ යාමත් සමඟ, ඊයේ (25) දිනය තුළ රුපියල් මිලියන 54ක ආදායමක් අධිවේගී මාර් ග වලින් උපයා ඇති බව මාර් ග සංවර්ධන අධිකාරිය පවසයි.

නත්තල් දිනයේ අධිවේගී මාර් ග වලින් රු. මිලියන 54ක ආදායමක්

ඒ අනුව, ඊයේ දිනයේදී වාහන එක් ලක්ෂ 46,000කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර් ග වල ගමන් කර ඇති බවද සඳහන් වෙයි.

මේ අතර, නත්තල් දිනට පෙර දිනය වූ පෙරේදා (24) අධිවේගී මාර් ග ආදායම 25%කින් ඉහළ ගොස්, එදින රුපියල් මිලියන 61ක ආදායමක් ලැබී ඇති බව ප්‍රවාහන, මහාමාර් ග හා නාගරික සංවර් ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

සාමාන්‍ය දිනකදී අධිවේගී මාර් ග වලින් ලැබෙන ආදායම රුපියල් මිලියන 45ක් පමණ වන අතර, එදිනකදී වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසකට ආසන්න සංඛ්‍යාවක් අධිවේගී මාර් ග භාවිතා කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

නත්තල් සමයේ සංචාර හා ගමනාගමන වැඩිවීම හේතුවෙන් අධිවේගී මාර් ග භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මෙයින් පැහැදිලි වේ.


Previous Post Next Post