ඊයේ (25) ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයෙන් බැංගලෝර් බලා ගමන් කරමින් සිටි බස් රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරකට ලක්වී, පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව වාර් තා වේ.
අනතුර සිදුවීමත් සමග බස් රථය ගිනි ගැනීමට ලක්වූ බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. මියගිය අය අතර බස් රථයේ මගීන් සහ ට්‍රක් රථයේ රියදුරු සිටි බවද වාර් තා වේ.
අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ 33 දෙනෙකු සිට ඇත.
ඉන්දීය වාර් තා අනුව, 2021 වර් ෂයේ සිට මේ දක්වා බස් රථ ගිනි ගැනීම් 45ක් සිදුව ඇති අතර, ඒ අතරින් කර්ණාටක ප්‍රාන්තයේ 3ක් සිදුවී ඇත. එම කාලය තුළ පුද්ගලයින් 64ක් මියගොස් 145ක් තුවාල ලබා සිටි බව වාර් තා වේ.
