ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවිය දැඩි ලෙස පහළට

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් වාර් තා වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහන සඳහා පනවා ඇති අධික බදු ප්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් රජය වහා අවධානය යොමු කළ යුතු බවය.

ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවිය දැඩි ලෙස පහළට

විශේෂයෙන් 1000cc කාණ්ඩයට අයත් Alto, Wagon R, Yaris, Hustler වැනි වාහනවල බදු අඩු කිරීමෙන් මධ්‍යම පන්තියේ ජනතාවට සහන සැලසිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍ය Wagon R වාහනයක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 40කට ආසන්න බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බවත්, එවැනි වාහන ඉන්ධන කාර්යක්ෂම සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය කල යුතු බවත්ය.

මේ අතර, පසුගිය කාලයේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන්ගේ ආර් තික හැකියාව දැඩි ලෙස කඩාවැටී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව, දැනටමත් වාහන සඳහා ඇණවුම් ලබාදී ඇති පාරිභෝගිකයන්ට, ඔවුන් ගෙන්වූ වාහන මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද සඳහන් කෙරේ.

වර් තමානයේ මාස තුනක කාලයක් ඉක්මවීමෙන් පසු ආනයනික වාහන සඳහා 3%ක දඩ මුදලක් පනවන අතර, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන එම දඩ මුදල ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

Previous Post Next Post