මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලය තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති බවට ලැබුණු ඊ-මේල් පණිවිඩය මහජන කැලඹීමක් ඇති කිරීමේ අරමුණින් සිදුකළ ව්‍යාජ උත්සාහයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.
පොලීසිය අද (27) නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය (CID – Cyber Crimes Unit) මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කර ඇති බවය.
ඊයේ (26) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට, එම කාර්යාලය තුළ ස්ථාන පහක බෝම්බ සඟවා ඇති බවට අනතුරු ඇඟවීමක් අඩංගු පණිවිඩයක් ලැබී තිබුණි.
මෙම තොරතුර පිළිබඳව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කිරීමෙන් පසු, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්‍ය බළකාය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශ එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
එම සෝදිසි මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 26 වැනිදා උදෑසන සිට සවස් කාලය දක්වා ක්‍රියාත්මක වූ අතර, ඒ අතරතුර කිසිදු සැකකටයුතු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බව පොලීසිය තහවුරු කළේය.
ඒ අනුව මෙම ඊ-මේල් පණිවිඩය ජනතාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීම සඳහා සිදුකළ ව්‍යාජ ක්‍රියාවක් විය හැකි බවට පොලීසිය සැක කරන අතර, ඒ පිළිබඳව පරිගණක අපරාධ විමර් ශන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
