හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගෙන අභාවප්‍රාප්ත වෙයි.

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) අභාවප්‍රාප්‍රාප්ත වී තිබේ.

පොලිස් සහ රෝහල් ආරංචි මාර්ග අනුව, මූලික විමර්ශනවලදී ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙන අතර, අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී බරපතළ තුවාල ලබා සිටියදී මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මිය යන විට ඔහු 63 වන වියේ පසුවූ බව වාර් තා වේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගෙන අභාවප්‍රාප්ත වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව සහ ඊට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් විමර් ශන සිදුකරමින් පවතී.

සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කටයුතු කළ අතර, මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

ඔහු පොලිස්පති ධුරයට පත්වීමට පෙර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර, 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවක පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

අනතුරුව 2020 නොවැම්බර් මාසයේදී ඔහු ස්ථිර පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු අතර, 2023 නොවැම්බර් මාසයේ විශ්‍රාම යන තෙක් එම ධුරයේ සේවය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Previous Post Next Post