සෝමාවතිය – සුංගාවිල මාර් ගය දින 8කට පසු යළි විවෘතයි

අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර් ගය දින 8ක කාලයකට පසු ඊයේ (25) සිට නැවත ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර් තා වේ.

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු යළි විවෘතයි


පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර් ෂාපතනය හේතුවෙන් මෙම මාර් ගය ජලයෙන් යටවීම නිසා, රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, ජලය ක්‍රමානුකූලව බැස යාමත් සමඟ අද පස්වරුවේ සිට සෝමාවතිය පුදබිම වෙත යන මාර් ගය යළි විවෘත කර ඇති අතර, සෝමාවතිය විහාරස්ථානයද බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර ඇත.

මෙම තීරණය හේතුවෙන් සෝමාවතියට පැමිණෙන බැතිමතුන්ට සහ ප්‍රදේශවාසීන්ට ගමනාගමන පහසුකම් යළි සම්පූර්ණයෙන් සලසා ඇති බව සඳහන් වේ.

 

Previous Post Next Post