අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ සෝමාවතිය – සුංගාවිල ප්රධාන මාර් ගය දින 8ක කාලයකට පසු ඊයේ (25) සිට නැවත ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර් තා වේ.
පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්රික්කයට ඇද හැළුණු අධික වර් ෂාපතනය හේතුවෙන් මෙම මාර් ගය ජලයෙන් යටවීම නිසා, රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, ජලය ක්රමානුකූලව බැස යාමත් සමඟ අද පස්වරුවේ සිට සෝමාවතිය පුදබිම වෙත යන මාර් ගය යළි විවෘත කර ඇති අතර, සෝමාවතිය විහාරස්ථානයද බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර ඇත.
මෙම තීරණය හේතුවෙන් සෝමාවතියට පැමිණෙන බැතිමතුන්ට සහ ප්රදේශවාසීන්ට ගමනාගමන පහසුකම් යළි සම්පූර්ණයෙන් සලසා ඇති බව සඳහන් වේ.