මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව, ඊයේ (20) සිට ජූලි 26 දක්වා කුවේට් වෙත ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් වාර තාවකාලිකව නවතා දමා ඇති බව සඳහන් වේ.
ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය මගීන්ට 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 සහ +94 74 444 1979 යන WhatsApp අංක වෙත කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකිය.
එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය ඔස්සේද ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී.
