සීදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ 06 දෙනෙකු අත්අඩංගුවට

සීදුව පොලිස් වසමේ පිහිටි සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

සීදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ 06 දෙනෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, අදාළ සමාජ ශාලාවේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙකු ද ඇතුළත් බව වාර්තා වේ.

මූලික විමර් නවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් කළමනාකරුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී ඇති බවය.

සැකකරුවන් විසින් මෙම අපරාධය සිදු කිරීමට පෙර පෙට්‍රල් බෝම්බ සූදානම් කර තිබූ බවත්, එය බරපතළ මහජන ආරක්ෂා අවදානමක් බවත් පොලීසිය පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Previous Post Next Post